31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසුබ්මන් ගිල්ගෙන් ද්විත්ව ශතකයක්

සුබ්මන් ගිල්ගෙන් ද්විත්ව ශතකයක්

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු සුබ්මන් ගිල් ජාත්‍යන්තර එක්දින පිටියේ සිය මංගල ද්විත්ව ශතකය රැස්කිරීමට අද සමත්විය.

ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අද පැවැත්වෙන පළමු තරගයේදීයි.

ඔහු ලකුණු 208 ක් රැස් කිරීමට සමත් වුණා.ඔහුගේ ඉනිමට හයේ පහර 9ක් සහ හතරේ පහර 19ක් ඇතුළත් වුණා.

ඒ අනුව එක්දින ක්‍රිකට් පිටියේ ද්විත්ව ශතකයක් වාර්තාකළ ලාබාලතම ක්‍රීඩකයා වන්නේද 23හැවිරිදි වියේ පසුවන Shubman Gillය.

ඉන්දියාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් රැස්කළ 5වන ක්‍රීඩකයා වන්නේද ඔහුය.

මීට පෙර තෙන්ඩුල්කාර් එක් ද්විත්ව ශතකයක්, රෝහිත් ශර්මා ද්විත්ව ශතක ත්‍රිත්වයක් සහ ඉෂාන් කිෂන් එක් ද්විත්ව ශතකයක් බැගින් රැස්කර ඇත.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 349ක් රැස්කර ගැනීමට සමත්විය.