28.9 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews2023දී සංචාරකයින් 47,353ක් මෙරටට ඇවිත්

2023දී සංචාරකයින් 47,353ක් මෙරටට ඇවිත්

2023 වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින් 47,353 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම සංචාරකයින් ජනවාරි 01 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති අතර මෙම මාසය තුළ සංචාරකයින් 105,000ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරෙන බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

අදාළ කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව 12,064කි. මීට අමතරව ඉන්දීයාවෙන් 5,838ක්, ජර්මනියෙන් 3,945ක්, බ්‍රිතාන්‍යයෙන් 3,862ක් සහ ප්‍රංශයෙන් 2,241ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අනාවරණය කළේය.