27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalෆොන්සේකාට වඩා ජාතික ආරක්ෂාව ගැන මම දන්නවා

ෆොන්සේකාට වඩා ජාතික ආරක්ෂාව ගැන මම දන්නවා

සරත් ෆොන්සේකාට වඩා තමා ජාතික ආරක්ෂාව පිළිබඳව දන්නා බවත් සහරාන් කල්ලිය සති තුනක් ඇතුළත තමා සමූල ඝාතනය කළ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (18) පාර්ලිමේන්තුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් ධූරයක් ඉල්ලා තමාට පිංසෙණ්ඩු වූ බවත් ෆීල්ඩ් මාර්ෂල් ධූරයක් පිරිනමන්නේ ලක්ෂ දෙකකට වැඩි හමුදාවක් පාලනය කළ හමුදාපතිවරයෙකුට බවත් සරත් ෆොන්සේකාගෙන් බේරෙන්නම බැරි තැන ඔහුට එම තනතුර ලබා දුන් බවත්ය.

සිය හමුදා මූලස්ථානයට පැමිණ සතුරා පහර දී බඩවැල් පවා එළියට පැන, වෛද්‍යවරුන් නිසා දිවි ගලවා ගත් සරත් ෆොන්සේකාට ජාතික ආරක්ෂව පිළිබඳ කතා කිරීමට අයිතියක් නැති බවයි හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.