― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsඇමෙරිකානු යුද නැවක් කොළඹට

ඇමෙරිකානු යුද නැවක් කොළඹට

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ (LPD – 23) යුද නෞකාව අද (19) උදෑසන මෙරටට පැමිණ තිබේ.

එම නෞකාව මෙරටට පැමිණ ඇත්තේ සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය – 2023 සඳහා සහභාගී වීමටයි.

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය – 2023 (Cooperation Afloat Readiness and Training Exercise – CARAT–2023) සඳහා සහභාගීවීමට අද දින උදෑසන (2023 ජනවාරි 19) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ San Antonio – Class amphibious transport dock වර්ගයේ යුද නෞකාවක් වන ‘USS Anchorage’ (LPD – 23) යුද නෞකාව, දිගින් මීටර් 208 ක් හා නැව් මුළුව 477 ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් කීලර්, (Captain KEELER, D.J) කටයුතු කරනු ලබයි.

‘USS Anchorage’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් අද දින (2023 ජනවාරි 19) බටහිර නාවික විධාන මුලස්ථානයේ දී සිදු කිරීමට නියමිතව ඇති අතර, CARAT–2023 අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව එම නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු සහ සමුදුර නෞකාවන් සමඟ CARAT–2023 නාවික අභ්‍යාසයේ මුහුදු අධියර සඳහා සහභාගීවීමට නියමිතව ඇත.

තවද, USS Anchorage නෞකාව CARAT–2023 නාවික අභ්‍යාසය සඳහා සහභාගීවීමෙන් අනතුරුව, 2023 ජනවාරි මස 27 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.