29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉන්ධන අර්බුදයට මුහුණ දීම සඳහා විද්‍යුත් යතුරුපැදි ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක්

ඉන්ධන අර්බුදයට මුහුණ දීම සඳහා විද්‍යුත් යතුරුපැදි ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක්

ඉන්ධන අර්බුදයට මුහුණ දීම සඳහා විද්‍යුත් යතුරුපැදි ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට ආනයනය කරන සහ රට තුළ පරිවර්තනය කරන සහ එකලස් කරන විද්‍යුත් යතුරුපැදි අළෙවි කරන ආයතනවල නියෝජිතයන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය වෙත ගෙන්වා අදාළ යතුරුපැදිවල තත්වය පරීක්ෂා කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවට ආනයනය කරන, එකලස් කරන සහ පරිවර්තනය කරන සියලූ විද්‍යුත් යතුරුපැදි සඳහා ඉදිරියේ නිශ්චිත ප්‍රමිතියක් හඳුන්වා දීමටයි මෝටරථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින්නේ.