29.5 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකල්මුණේට නාමයෝජනා බාරගැනීමේ තහනම දීර්ඝ වෙයි

කල්මුණේට නාමයෝජනා බාරගැනීමේ තහනම දීර්ඝ වෙයි

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා කල්මුණේ මහ නගර සභාව වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම වළක්වාලමින් නිකුත් කරන ලද තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) නියෝග කළා.

සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙන්ම රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙකු වූ ඒ.එල්.එම්.සලීම් සහ පළාත් පාලන නියෝජිතයෙකු වන ඒ. ආර්.එම් අසීම් යන අය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

පෙත්සම යළි මාර්තු මස 24 වනදා යළි කැඳවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.