― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොරියාවෙන් කෝටි 43ක අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ තොගයක්

කොරියාවෙන් කෝටි 43ක අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ තොගයක්

මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය කෝටි 43ක ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් කොරියානු රජයේ හා ජනතාවගේ සහයෝගයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර තිබේ.

කොරියානු සංවිධානයක් වන The Global Life Sharing ආයතනය මගින් එකතු කරනු ලැබූ මෙම පරිත්‍යාගයන් World Unreached People Mission සංවිධානයේ සම්බන්ධීකරණයෙන් හා සහයෝගයෙන් ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත එම ආයතනයන්හි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ දේවගැති ඒ. ෆ්‍රැන්සිස් විසින් නිල වශයෙන් භාර දෙනු ලැබුවා.

අදියර කිහිපයක් ඔස්සේ පරිත්‍යාග කිරීමට නියමිත මෙම ඖෂධ හා ඖෂධ උපකරණ අතුරින් මෙලෙස පරිත්‍යාග කෙරුණු කෝටි 43ක පළමු පරිත්‍යාගයේ අක්ෂි රෝග, බැක්ටීරියා ආසාදන, චර්ම රෝග, ප්‍රතිජීවක හා වේදනා නාශක ඖෂධ හා උපකරණ රැසක් පවතිනවා.

ගෝලීය කොවිඩ් ව්‍යසනයේදී මෙන්ම රට තුළ පවතින වත්මන් අභියෝගාත්මක පරිසරය තුළ ජාත්‍යන්තර සංවිධාන හා ආයතන මෙරට සෞඛ්‍ය පද්ධතියට විශාල සහයෝගයක් ලබා දුන් බවත් මේ වන විටත් එවැනි සහයෝගයන් ලැබෙමින් පවතින බවයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මෙහිදී කියාසිටියේ.

විශේෂයෙන් කොරියානු රාජ්‍යයේ ජනතාව මෙන්ම World Unreached People Mission ආයතනය ඇතුළු මේ සඳහා දායක වූ සියලු පාර්ශවයන් වෙත අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළා.

ඉදිරියේදී මෙම වැඩසටහන යටතේ පාසැල් හා රෝහල් කරාද අත්‍යවශ්‍ය උපකරණ ඖෂධ ලබාදීම ක්‍රියාත්මක කරන බවයි දේවගැති ඒ. ෆ්‍රැන්සිස් කියාසිටියේ.