27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකිණීම සහ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ගත්...

ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකිණීම සහ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ගත් නවතම තීන්දුව

ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකුණන්නන් හෝ ළඟ තබා ගන්නන් අත් අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරීමට පොලිසියට කිසිදු බලයක් නැති බව අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව අවධාරණය කළේ, ඊයේ (18) විවෘත අධිකරණයේදීයි.

ආයුර්වේද පනතට අනුව කංසා ඇට හා කොළ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍රකොට මදන මෝදක නිෂ්පාදනය කරන බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

ඒ, අනුව කංසා හෙවත් ගංජා නොමැතිව මදන මෝදක නිෂ්පාදනය කළ නොහැකි බවත් එවැනි මදන මෝදක ළඟ තබා ගැනීම හෝ විකිණීම කරන පුදගලයන් අත් අඩංගුවට ගැනීමය පොලිසියට කිසිදු බලයක් නොමැති බවත් මහේස්ත්‍රාත්වරයා පවසනවා.

ඔහු මේ බව පෙන්වා දුන්නේ, මද මෝදක 22ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකුට එරෙහිව පනවා තිබූ නඩුවක් විභාග කරන අතරෙයි.