― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනපතිගේ සංචාරයට විරෝධය දැක්වූ වේලන් සාමිට ඇප

ජනපතිගේ සංචාරයට විරෝධය දැක්වූ වේලන් සාමිට ඇප

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ සංචාරයක නිරතවන අවස්ථාවේදී එයට විරෝධය පාමින් විරෝධතාවකට සහභාගී වී කලහකාරී ලෙස හැසිරුණු ජනතා නැගිටීමේ ව්‍යාපාරයේ සම්බන්ධීකාරක වේලන් ස්වාමි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගත් සැකකරු ගෙන ඇප මත මුදා හැරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පසුගිය 15 වනදා යාපනය නල්ලූර් කෝවිල ආසන්නයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති තෛපොංගල් උත්සව අවස්ථාවේදී ඊට විරෝධය පාමින් පොතුවිල් ප්‍රදේශයේ සිට පොලිකණ්ඩි දක්වා විරෝධතා පාගමනක් පැවැත්වුණා.

එහිදී විරෝධතාවයට සහභාගී වූ යාපනය සරසවි සිසුන් සහ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සමග අත්අඩංගුවට පත් වේලන් සවාමිවරයාද සහභාගී වූ අතර විරෝධතාවය අතර නොසන්සුන්තාවයක් ඇති වී පොලීසිය විසින් ජල ප්‍රහාරයක් ද එල්ල කරනු ලැබුවා.

එම විරෝධතාවය අතරතුරදී පොලීසියේ රාජකාරියට බාධාකිරීම, පොලිස් නිලධාරීන්ට බැනවැදීම, මහජන සාමය කඩකිරීම ඇතුළු ආදි චෝදනා මතයි ඊයේ රාත්‍රියේ වේලන් ස්වාමිවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ.

ඔහුගෙන් පැය 3ක පමණ කාලයක් ප්‍රශ්න කර යාපනය මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබුණා. එහිදී වේලන් ස්වාමිවරයා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ඇතුලු නීතිඥවරුන් 5 දෙනෙකු පමණ පෙනී සිට තිබෙනවා.

යාපනය මහේස්ත්‍රාත් පී.ජස්ටින් මහතාගේ නිල නිවසට ඊයේ රාත්‍රියේ වේලන් ස්වාමිවරයා රැගෙන ගොස් ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගත් අතර එහිදී වේලන් ස්වාමිවරයාට දැඩි ලෙස අවවාද කර ඇප මත මුදා හැරීමටයි මහේසේත්‍රාත්වරයා නියෝග කළේ.

මේ අතර එම විරෝධතාවයේදී කලහකාරී ලෙස හැසිරුනු යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙකු සහ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් කිහිප දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කර ඇතැයි යාපනය පොලීසිය අධිකරණයට දන්වා තිබෙනවා.