25 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතැපැල් ඡන්ද අයැදුම්පත් බාරගැනීම 23 වැනිදා දක්වා

තැපැල් ඡන්ද අයැදුම්පත් බාරගැනීම 23 වැනිදා දක්වා

මැතිවරණ කොමිසම විසින් සියලුම තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ අනුව දන්වා ඇත්තේ සහතික කරන තැපැල් ඡන්ද අයදුම්පත් මේ මස 20,21,22 හා 23 යන දිනයන්වල දී සිය කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත අතින් ගෙනවිත් භාර දෙන ලෙසයි.

තැපෑලේදී ඇති විය හැකි ප්‍රමාදවීම් හා මෙම කාලය අතරතුර සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දිනයන් යෙදී තිබීම හේතුවෙන් නියමිත දිනට පෙර අයදුම්පත් නොලැබිය හැකි බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

එළඹෙන පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළව තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීම සඳහා වූ අයදුම්පත් භාරගැනීම ලබන 23 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.