― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportනවසීලන්තය පරදා පළමු එක්දින තරඟය ඉන්දියාව ජය ගනී

නවසීලන්තය පරදා පළමු එක්දින තරඟය ඉන්දියාව ජය ගනී

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගය තියුණු සටනකින් අනතුරුව ජය ගන්නට සත්කාරක ඉන්දීය කණ්ඩායමට ඊයේ (18) රාත්‍රියේ හැකියාව ලැබුණා.

හයිද්‍රාබාද්හි රජිව්ගාන්ධි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය අවසන් පන්දුවාරයේදී ඉන්දියාව ජය ගත්තේ ලකුණු 12 කින්. කාසිය වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා දෙවරක් නොසිතාම පළමුව පන්දුවට පහරදීමට තීණය කළා.

එහිදී ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා ලකුණු 34කට දැවී ගිය අතර ඉන්පසු පිටියට එක් වූ විරාට් කෝලි මිචල් සැන්ත්නර්ගේ පන්දුවක් හමුවේ ලකුණු 08කට දැවී ගියා. ඉශන් කිශාන් ලණුණු 05කට දැවී ගිය අතර පිටියේ ස්ථාවර වූ ශුබ්මන් ගිල් සිය පළමු ජාත්‍යන්තර එක්දින ද්විත්ව ශතකය රැස්කිරීමට සමත් වුණා.

පන්දු 149ක් තුළ වර්ණවත් හතරේ පහර 19ක් සහ හයේ පහර 09කින් ඔහුගේ ඉනිම ගොඩනැගුණු අතර මැදපෙළ පිතිකරුවන් ලෙස සූර්යකුමාර් යාදෙව් සහ හර්දික් පාන්ඩ්‍යා අනෙක් අන්තයේ ස්ථාවර වෙමින් ඉන්දීය ඉනිම කඩුලු 08ක් තුළ ලණුණු 349ක් දක්වා ඉහළට ඔසවා තබන්නට දායක වුණා. මේ අතර ඉන්දීය පිතිකරු ශුබ්මන් ගිල් වාර්තා අතරට එක් වුනේ ජාත්‍යන්තර එක්දින තරගයක ද්විත්ව ශතකයක් වාර්තා කළ ලොව ලාබාලතම පිතිකරුවා ලෙසයි.

ශුබ්මන් ගිල් මේ වනවිට 23 හැවිරිදි වියේ පසුවනවා. පන්දු ‍යැවීමේදී ඩැරල් විචල් සහ හෙන්ඩ්‍රි ශිප්ලි ඉන්දීය ඉනිමේ කඩුලු 02 බැගින් දවා ගත්තා. අනතුරුව ලකුණු 350ක ඉලක්කයක් හැඹා යෑමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ ආරම්භ පිතිකරු ෆින් ඇලන් ලකුණු 44ක් රැස්කළ ‍අතර අනෙකුත් මුල්පෙළ පිතිකරුවන්ට එතරම් ලණුණු අතරට පැමිණිමට දග පන්දු යවන්නන් වන කුල්දීප් යාදෙව් සහ වොශින්ටන් සුන්දර් ඉඩලබා දුන්නේ නැහැ.

නවසීලන්ත ඉනිම අසීරු අඩියක තිබිය දී පිටියට පිවිසි මිචෙල් බ්‍රෑක්වෙල් ඉනිදීය පන්දු යවන්නන්න්ට පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් නවසීලනත් ජයග්‍රහණයට යම් බලාපොරොත්තුවක් එක්කළා. ඔහුට අනෙක් අන්තයෙන් අනගි සහයක් ලබා දුන් මිචෙල් සැන්ට්නර් පන්දු 45ක් තුළ ලකුණු 57ක් රැස්කළා.

ඔහු දැවීයාමෙන් පසු නවසීලන්ත පිළ ජයග්‍රහණය කරා රැගෙන යාමේ සටන තිනිව භාරගත් මිචෙල් බ්‍රැක්වෙල් අවසන් පන්දුවාරය තෙක් එම සටන රැගෙන ගියා. ශාදූල් ඨකූර් යැවූ අවසන් පන්දුවාරයේ අවසන් පන්දු 05ට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 13ක් රැස් කර ගැනීමට නියමිතව තිබුනද එම පන්දුවාරයේ දෙවන පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ එතෙක් පිටියේ සථාවරව රැදී සිටි මිචෙල් බ්‍රැක්වෙල් නවසීලන්ත ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියා.

ඔහු දැවීයන අවස්ථාවේ පන්දු 78ක් තුළ වේගවත් ලකුණු 140ක් රැස්කරගෙන සිටි අතර ඊට දැවැන්ත හයේ පහර 10ක් සහ දර්ශනීය හතරේ පහර 12ක් ඇතුළත්. පන්දුවාර 19‍යි පන්දු 02ක් තුළ නවසීලන්ත සියලු පිතිකරුවන් දැවී යද්දී ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 337ක් ලෙසයි.

ඒ අනුව ඉන්දියාව ලැබූ මෙම ජයත් සමග තරගය තුනකින් සමන්විත තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස පෙරමුණ ගත්තා.