27.2 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාපන්දු සම්මේලනයේ සභාපති ඇතුළු නිලධාරීන්ට එරෙහි අතුරු නියෝගය දීර්ඝ කෙරේ

පාපන්දු සම්මේලනයේ සභාපති ඇතුළු නිලධාරීන්ට එරෙහි අතුරු නියෝගය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට තේරී පත්වූ සභාපති ශ්‍රී රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම අත්හිටුවන ලෙස දන්වා නිකුත් කළ අතුරු නියෝගය හෙට (20) දින තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (19) නියෝග කළේය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය නීතිවිරෝධී යැයි සඳහන් කරමින් එහි හිටපු සභාපති ජස්වර් උමර් මහතා ගොනුකළ රිට් පෙත්සමක් අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණි.

ඉන් අනතුරුව එය වැඩිදුර සලකාබැලීම හෙට දින තෙක් කල්තැබූ අභියාචනාධිකරණය අදාළ තහනම් නියෝගය හෙට දින දක්වා දීර්ඝ කරන ලෙසත් නියෝග කළේය.