31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපොලිසියේ මැදිහත් වීමෙන් වෛද්‍ය රුක්ෂාන් පැය පහකට පසු මුදා ගැනේ

පොලිසියේ මැදිහත් වීමෙන් වෛද්‍ය රුක්ෂාන් පැය පහකට පසු මුදා ගැනේ

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් විසින් කාර්යාල අඩස්සියේ තබාගෙන සිටි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පොලිසිය මැදිහත් වී නිදහස් කර ගෙන තිබෙනවා.

ඒ ඔහු කාර්යාල අඩස්සියට පත්වී පැය පහකට පමණ පසුවයි.

රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ඇතැම් පිරිස් ගංජා සහ මත්කුඩුවලට අබ්බැහි වී සිටින බවට කළ ප්‍රකාශයකට විරෝධය දක්වමින් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙලෙස කාර්යාලය තුළ සිර කර තබමින් සේවකයන් විරෝධතාවයේ නිරත වුණා.

වෛද්‍යවරයා නිදහස් කර ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ට ද එම ස්ථානයේ සිට කණිෂ්ඨ සේවකයන්ගෙන් විරෝධය එල්ලවූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

විරෝධතාවයේ නිරත වූ සේවකයන් චෝදනා කළේ වෛද්‍යවරයා ප්‍රකාශ සිදු කර ඇති ආකාරයෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් කොළඹ ජාතික රෝහලේ නොමැති බවයි. ඔහු මෙම ප්‍රකාශය පිළිබඳ සමාව ගත යුතු බව ද කණිෂ්ඨ සේවකයන් සඳහන් කළා.

පොලිසිය විසින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්යාල අඩස්සියෙන් නිදහස් කරගෙන යන අවස්ථාවේදී ද ඔහුට දැඩි විරෝධයක් එල්ල වූ බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.