26.7 C
Colombo
Wednesday, September 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණ අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩි කරන්න බැහැ

මැතිවරණ අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩි කරන්න බැහැ

පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීම සඳහා ඉල්ලීම් ලැබී තිබුණද ඒ සඳහා අනුමැතිය ලබාදිය නොහැකි බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.

පවතින තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව එම කෝටාව වැඩි කිරීමට හැකියාවක් නොමැති බව එහි සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් සඳහන් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව සමග ඊයේ (18) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි හෙතෙම මේ බව කියා සිටියේ.

මේ සාකච්ඡාවේදී ඒ අය ඉල්ලීම් කළා ඉන්ධන කෝටාව වැඩිකිරීමට. ඒකේදී අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ මොහොතේදී ඉන්ධන මිලදී ගැනීමට අපිට ඩොලර් අවශ්‍ය වෙනවා. ඩොලර් මිලදී ගැනීමට ලංකාවේ මුදල් අවශ්‍ය වෙනවා. අපිට මේ මොහොතේ අවශ්‍ය රුපියල් ටික නැහැ මීට වඩා තෙල් මිලදීගැනීම සඳහා. ඒ හින්දා අපි ඉතාමත් පැහැදිළිවම ඒ ගැන දැනුවත්කළා. ශ්‍රී ලංකාවේ තෙල් ඉල්ලීම 40%කින් විතර පහළ බැහැලා තියෙනවා. ඒ ඉල්ලීමට සරිලන මුදල් තමයි අපි සපයා ගන්නේ. නැවත මේක වැඩිකරනවානම් රුපියල් අවශ්‍ය වෙනවා. ඒ හින්දා මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රායෝගික ප්‍රශ්න ටික තේරුම් ගනියි කියලා.