31.1 C
Colombo
Friday, December 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසංචාරක අමාත්‍යංශය තුළ තේ එකක් දෙන්නවත් සල්ලි නෑ - ඩයනා ගමගේ

සංචාරක අමාත්‍යංශය තුළ තේ එකක් දෙන්නවත් සල්ලි නෑ – ඩයනා ගමගේ

සංචාරක අමාත්‍යංශය තුළ තේ එකක් ලබා දීමටවත් මුදල් නොමැති බව යැයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවා.

ඒ අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

ඇය එහිදී මෙසේ ද අදහස් දක්වා සිටියා,

“සංචාරක අමාත්‍යංශයේ මට තේ එකක් දෙන්න තේකොළ ටික ගන්න විදිහක් නෑ පෙටි කෑෂ් ටික. ඒ වගේ තත්වයක් තියෙන රටක් කොහොමද මේ තරම් බිලියන අපි දහයකින් මේක ඉවර කරන්නෑ. කඩදාසි ටිකත් රටින් ගේන්න ඕන බැලට් පේපර්ස් වලට. තීන්ත ටික රටින් ගේන්න ඕනේ.ඒ එකක්වත් තාම ඇණවුම් කරලාවත්, හිතලවත් නෑ. කෝ මුදල්? මේ රටේ? ඒ හින්දා මේ විහිලුව නවත්තන්න. ඡන්දයක් අවශ්‍ය නෑ මේ වෙලාවේ මේ රටට. මේ රටට, මේ ජනතාවට සහනයක් ලබාදෙමු. ඊට පස්සේ අපි ඡන්ද වලට යමු. ඊට පස්සේ ඡන්ද ඔක්කොම එක පෝලිමට තියමු.”