30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසතොස භාණ්ඩ 12ක මිල අඩු කෙරේ

සතොස භාණ්ඩ 12ක මිල අඩු කෙරේ

පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් නිෂ්පාදන 12ක මිල අඩු කිරීමට සතොස සමාගම තීරණය කර තිබේ.

මෙම මිල අඩු කිරීම අද (19) සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව ලොකු ළූණු කිලෝග්‍රෑමයක් රුපියල් 180ක්, සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 216ක්, රතු සහල් (කැකුළු) කිලෝග්‍රෑමයක් රුපියල් 187ක්, සුදු කැකුළු (දේශීය) කිලෝග්‍රෑමයක් රුපියල් 179ක්, සම්බා (දේශීය) කිලෝග්‍රෑමයක් රුපියල් 210ක්, සුදු නාඩු (දේශීය) කිලෝග්‍රෑමයක් රුපියල් 189ක්, සුදු නාඩු (ආනයන) කිලෝග්‍රෑමයක් රුපියල් 180ක්, කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 239ක්, රතු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 370, වියළි මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 1730ක්, තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 235ක් සහ හාල්මැස්සෝ කිලෝග්‍රෑමයක් රුපියල් 1100කට ලබාහැනීමේ හැකියාව පවතී.