28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඕමානයේදී අතරමං වූ ගෘහ සේවිකාවන් 14ක් යළි දිවයිනට

ඕමානයේදී අතරමං වූ ගෘහ සේවිකාවන් 14ක් යළි දිවයිනට

ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් යළි මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 14 දෙනෙකු අද (20) අලුයම කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට පැමිණියා.

මොවුන් අතර සිටි ගෘහ සේවිකාවන් 06 දෙනෙකු එරටේ දී විවිධ ප්‍රශ්නවලට භාජනය වී, පසුව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිත ‘සුරක්ෂා’ රැඳවුම් නිවාසයේ රඳවා තබා සිටි අය බවයි වාර්තා වුණේ.

මීට අමතරව තවත් ගෘහ සේවිකාවන් 08 දෙනෙකු ඔවුන් සේවය කළ නිවාසවල දී සුළු වැරදිවලට චෝදනා ලබා එරට කම්කරු උසාවියෙන් වැරදිකරුවන් වී පිටුවහල් කළ අයද වන බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

අද දිනයේ පැමිණි එම ගෘහ සේවිකාවන් පිරිස අතර ගර්භණී තත්ත්වයේ පසු වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක්ද සිරින බවයි වාර්තා වන්නේ.

මෙම ගෘහ සේවිකාවන් පිරිස අද (20) අලුයම 04.50ට ඕමානයේ මස්කට් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා.

ගුවන්තොටුපළ වෙත පැමිණි මෙම ගෘහ සේවිකාවන් පිරිස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් භාර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ නිවාස වෙත යැවීමට පියවර ගෙන තිබෙනවා.