― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකම්කරු ඇමති ඩුබායි හි පස් දින නිල සංචාරයක

කම්කරු ඇමති ඩුබායි හි පස් දින නිල සංචාරයක

ශ්‍රී ලාංකිකයන් සඳහා ඩුබායිහි වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබා ගැනීම සහ ඩුබායිහි රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ගැටලු විසඳා දීමේ අරමුණෙන් පස් දින නිල සංචාරයක් සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඩුබායි බලා ගොස් ඇත.

ඒ මහතා මෙම සංචාරය තුළ ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සියුලේට් ජෙනරාල් කාර්යාලයේ රාජකාරී කටයුතු නිරීක්ෂණය කිරීමට එක් වූ අතර ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙත ලබා දෙන්නා වූ සේවාවන් සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් දීර්ඝ වශයෙන් විමසීමක් ද කළේ ය.

මේ වන විට ඩුබායි වෙත රැකියා සඳහා සංචාරක වීසා මගින් ගොස් සිටින පිරිස මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් විශේෂයෙන් ම විමසීමට අමාත්‍යවරයා කටයුතු කළේ ය. එසේ ම මේ වන විට නවතා ඇති ස්වයං ලියාපදිංචිය නැවත ලබා දෙන්නේ නම් ඒ කුමන කොන්දේසීන්ට යටත්ව ද යන්නත්, ඒ සඳහා වන නීතිමය ප්‍රතිපාදන කවරේද යන්නත්, සාකච්ඡා කළේ ය.

මේ වන විට ඩුබායිහි රැඳී සිටින ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන් සහ කම්කරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අමාත්‍යවරයා, එහි දී බිම් මට්ටමේ සිට අදහස් හා යෝජනා විමසීමටත්, ඒ අනුව ඉදිරියේ දී ප්‍රතිපත්තිමය වශයෙන් ගත යුතු තීන්දු තීරණ සාකච්ඡා කිරීමට සහ ඒවා වැඩිදුර ක්‍රියාත්මක කිරීමටත් උපදෙස් ලබා දෙන ලදි. ඒහි දී තානාපති නිලධාරීන් අමාත්‍යවරයාගන් විශේෂ ඉල්ලීමක් කරමින් පවසා සිටියේ රැකියා සඳහා සංචාරක වීසා මගින් පැමිණිමෙන් අනතුරු ව මුහුණ දීමට සිදුවන ගැටලු සහ දුෂ්කරතා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙසයි.

ඩුබායිහි නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කර සිටින උදය ඉන්ද්‍රරත්න. ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් නලින්ද විජේරත්න ප්‍රමුඛ ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සියුලේට් ජෙනරාල් කාර්යාලයේ නිලධාරීන් සියලු දෙනා මෙම සාකච්ඡාවට සහභාගී වූහ.