27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් මහජන උපයෝගීතා කොමිසම සමඟ සාකච්ඡාවක්

ජනපති රනිල් මහජන උපයෝගීතා කොමිසම සමඟ සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ ඊයේ (19) සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ අනුව සිවු දෙනෙකුගෙන් සමන්විත මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉතිරි තිදෙනෙක් පමණක් ජනාධිපතිවරයා කර තිබූ කැඳවීමට අනුව මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාව සඳහා කොමිසමේ සභාපති ජනක රත්නායකට කැඳවීමක් ලැබී නොතිබූ බව වාර්තා වන අතර ජනාධිපතිවරයා විසින් මහජන උපයෝගීතා කොමිසම සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත්තේ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ක්‍රියාත්මක කළ නොහැකි බව කොමිසමේ සභාපති ජනක රත්නායක කැබිනට් ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇති පසුබිමක වීම විශේෂත්වයකි.