― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsනිමක් නැති ඖෂධ හිඟය

නිමක් නැති ඖෂධ හිඟය

දිවයින පුරා රෝහල් රැසක රෝගීන්ට අවශ්‍ය ඖෂධ නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ සඳහන් කළේ ඇතැම් ග්‍රාමීය රෝහල්වල ඖෂධ නොමැතිවීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවයි.

මේ හේතුවෙන් සායනවල සහ බාහිර රෝගී අංශයේ රෝගීන්ට බාහිර ඔසුසල්වලින් වැඩි වශයෙන් ඖෂධ මිලදී ගැනීමට සිදුව ඇති බව ඔහු පැවසීය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ ඖෂධ හිඟයක් පවතින රෝහල් වෙත ඖෂධ යැවීමට කටයුතු කරමින් සිටින බවයි.