29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපස් කන්දකට යට වී හිමිනමක් අපවත් වෙති

පස් කන්දකට යට වී හිමිනමක් අපවත් වෙති

පස් කන්දක් කඩා වැටී ඊට යට වී පේරාදෙණි දඬුවාව පුරාණ රජ මහා විහාරයේ වැඩ වාසය කළ හිමිනමක් අපවත් වී තිබෙනවා.

අදාළ හිමිනම ඊයේ (19) රාත්‍රී කාලයේ විහාරයේ උඩ මළුවේ පූජාවක් පවත්වමින් සිටින අතර තුර මෙලෙස පස් කන්ද කඩා වැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පස්කන්දට යට වී බරපතළ තත්තත්වයේ සිටි හිමිනම පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙලෙස අපවත් වී ඇත්තේ වයස අවුරුදු 18ක දඬුවාව රජ මහා විහාරයේ වැඩ විසූ හිමි නමක් බවයි වාර්තා වුණේ.

අපවත් වූ හිමි නමගේ දේහය පේරාදෙණි රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇති අතර වැඩිදුර පරීක්ෂණ පේරාදෙණි පොලිසිය විසින් මෙහෙයවනවා.