27.8 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුද්ගලික ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

පුද්ගලික ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

වීරකැටිය – පාලම්කඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ (19) රාත්‍රි 11.00ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පාලම්කඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අතුබොදගේ සුනිල් නැමති පුද්ගලයෙකි. ඔහු දෙදරු පියෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඝාතනය සිදුකළ පුද්ගලයා වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.