පවතින විදුලි අර්බුදය හේතුවෙන් මැතිවරණ දිනයේ සහ ඡන්ද ගණන් කිරීමේ දිනයේ පැය 24 පුරාම විදුලිය සැපයිය නොහැකි බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබෙනවා.
පවතින විදුලි අර්බුදය හේතුවෙන් පැය 24 පුරාම විදුලිය ලබාදීමට නොහැකි බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල නිලධාරීන් මැතිවරණ කොමිසම සමඟ පැවති සාකච්ඡාවකදී පෙන්වා දී තිබේ.
ඡන්ද මධ්‍යස්ථාන සඳහා විදුලි ජනක යන්ත්‍ර භාවිත කළ හැකි නමුත් ඒවාට ඉන්ධන ලබාදිය නොහැකි බවද ඔවුන් පෙන්වා දුන්නා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන බව විදුලිබල මණ්ඩලය කොමිසමට දැනුම් දුන්නා.