31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමෙරට පහට අඩු දරුවන්ගෙන් 42.9%කටම මන්දපෝෂණය

මෙරට පහට අඩු දරුවන්ගෙන් 42.9%කටම මන්දපෝෂණය

මෙරට දරුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් කුමන හෝ ආකාරයක පෝෂණ ගැටළුවකින් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය දත්ත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දරුවන්ගේ පෝෂණ තත්ත්වය පිරිහී යෑම වසර හයකට පසුව තීව්‍ර වී ඇති බව 2022 වසරේ දත්ත උපුටා දක්වමින් රොයිටර් ඇතුළු විදෙස් මාධ්‍ය රැසක වාර්තා වී තිබීම විශේෂත්වයකි.

ඔක්තෝබර් මාසයේ නිකුත් කර තිබෙන වාර්තාවකට අනුව වයස අවුරුදු පහකට අඩු දරුවන්ගෙන් 43.2% ක් පෝෂණ ගැටළුවලින් පෙලෙන අතර 42.9% ක් කුමන හෝ ආකාරයක මන්දපෝෂණ තත්ත්වයකට ගොදුරුව සිටින බවයි වාර්තා වන්නේ.

2016 වසරේ ක්‍රමානුකූලව යහපත් තත්ත්වයකට පත්වෙමින් පැවති දරුවන්ගේ වයසට සරිලන බර තත්ත්වය 2022 වසරේදී නැවත පහත වැටී ඇති බවද එම දත්ත පෙන්නුම් කරයි.