― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsයල කන්නයේදී ගොවීන්ට නොමිලේ මඩ පොහොර

යල කන්නයේදී ගොවීන්ට නොමිලේ මඩ පොහොර

වී වගාව සඳහා අත්‍යාවශ්‍ය රසායනික පොහොර විශේෂයක් වන මඩ පොහොර හෙවත් Triple Super Phosphate (TSP) පොහොර එළැඹෙන යල කන්නයේ දී දිවයිනේ සියලුම ගොවීන්ට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මහ කන්නයේදී මඩ පොහොර ලබා දීමට තීරණය කර තිබුනත් ඒවා මිල දී ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. එයට හේතුව නම් රුසියාව හා යුක්රේනය අතර ගැටුම නිසා යුක්රේනය විසින් එම පොහොර අපනයනය අත්හිටුවා තිබීමයි.

කෙසේ වුවද මේ වනවිට මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් සහිත නැව ලබන මස පළමු සති දෙක තුළ මෙරටට ළඟාවීමට නියමිත අතර යල කන්නයේ වී වගාවට අවශ්‍ය සම්පූර්ණ මඬ පොහොර ප්‍රමාණයම නොමිලයේ ගොවීන්ට ලබා දෙන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් විසින් පොහොර සැපයීම සම්බන්ධව පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙවර මහ කන්නයේදී යූරියා පොහොර මෙට්‍රික් ටොන් 125,000ක් ආනයනය කළ අතර ඉන් සියයට 75ක්ම අලෙවි වී ඇති අතර මේ වනවිට ගොවිජන මධ්‍යස්ථාන සතුව මෙට්‍රික් ටොන් 10,000ක් හා සමාගම් සතු ගබඩාවල යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් වශයෙන් තවත් යුරියා මෙට්‍රික් ටොන් 30,000ක් පමණ ඉතිරිව පවතිනවා. එමෙන්ම බන්ඩි පොහොර හෙවත් MOP පොහොර දැනට අලෙවි වී තිබෙන්නේ සියයට 05ක් තරම් ප්‍රමාණයක්.

එම නිසා 2023 යල කන්නයේ දී වී වගාව සඳහා අවශ්‍ය සියලු පොහොර මෙවර සැපයීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.