― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsසංචාරය නිමා කරමින් ඉන්දීය විදේශ ඇමති පිටත්ව යයි

සංචාරය නිමා කරමින් ඉන්දීය විදේශ ඇමති පිටත්ව යයි

දෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ඇතුලු දූත පිරිස දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

විදේශ අමාත්‍යවරයා ඇතුලු පිරිස පැමිණි විශේෂ ගුවන් යානයෙන්ම ඔවුන් අද සවස 4.50ට නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් ඇත.

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරය තුලදී ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක් ද හමුවුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේ ගිවිසුම් කිහිපයක ද එළඹුණු අතර මාර්ගගත තාක්ෂණය ඔස්සේ විවෘත කිරීම් කිහිපයකට ද සහභාගී වුණා.