― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeSportහෂීම් අම්ලා ක්‍රිකට් පිටියට සමුදෙයි

හෂීම් අම්ලා ක්‍රිකට් පිටියට සමුදෙයි

දකුණු අප්‍රිකාවෙන් බිහි වූ විශිෂ්ඨතම පිතිකරුවෙකු වන හෂීම් අම්ලා සියලු ආකාරයේ ක්‍රිකට්වලින් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබෙනවා.

2019 වසරේ ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියෙන් පසු ඔහු ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදුන් අතර එම වසරේ ම ජුනි මාසයේ ශ්‍රී ලංකාව සමඟ පැවති එක්දින තරගාවලියෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියට සමු දුන්නා.

කෙසේ වෙතත් ඔහු දේශීය සහ විදේශීය ප්‍රිමියර් ලීගයන් සහ ප්‍රාන්ත තරග ක්‍රීඩා කිරීමට කටයුතු කළ අතර මේ වනවිය අම්ලා නිවේදනය කර ඇත්තේ එම සියලුම තරග ආකෘතිවලින් විශ්‍රාම ගන්නා බවයි.

39 හැවිරිදි වියේ පසුවන අම්ලා සිය දශක දෙකක වෘත්තීය ක්‍රිකට් ජීවිතය තුළ ටෙස්ට් තරග 124 කදී ලකුණු 9282ක්, එක්දින තරඟ 181 කදී ශතක 27 ක් සහ විස්සයි20 තරඟ 44 කදී ලකුණු 1,277 ක් රැස්කරගෙන සිටිනවා.

2012 වර්ෂයේ දී Kia oval හිදී එංගලන්තයට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 311 ඔහුගේ ටෙස්ට් දිවියේ හොඳම ඉනිම ලෙස සටහන් ව ඇති අතර එය දකුණු අප්‍රිකානු පිතිකරුවෙකු රැස්කළ පළමු ටෙස්ට් ත්‍රිත්ව ශතකය ද වීම විශේෂත්වයක්.

අම්ලා දැනට පැවැත්වෙන SA20හි මුම්බායි කේප් ටවුන් හි පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරමින් දැනටමත් පුහුණුකරු වෘත්තිය ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දකුණු අප්‍රිකානු නව පුහුණු ව්‍යුහය යටතේ ඔහු දකුණු අප්‍රිකාවේ පිතිකරණ පුහුණුකරු බවට පත්වීමේ සූදානමක සිටින බවයි දැනගන්න ඇත්තේ.