― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalහෙලිකොප්ටරය උඩ නග්ගද්දිම බිමට කඩන් වැටුණා

හෙලිකොප්ටරය උඩ නග්ගද්දිම බිමට කඩන් වැටුණා

හෙලිකොප්ටරය උඩ නග්ගනකොටම බිම වැටුණු බවත් දැන් එහි තටු කැඩී ගොස් ඇති බවත් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (20) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පොදුජන පෙරමුණෙන් නාමයෝජනා භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

හෙලිකොප්ටරය උඩ නග්ගන්න සූදානම් වෙනකොටම අසුබවාදී දේවල් ගොඩක් උනා. දැන් ඒගොල්ලො උඩ නග්ගනවට වඩා බිමට බස්සනවා අපේක්ෂකයෝ සොයන්න. ඕනම පක්ෂයක ආගමක නායකයෙක් ඉන්නවා. ඒත් මේකෙ නායකත්ව මණ්ඩලයක් තියෙන්නේ. ඒකෙ තිස් දෙනෙක් ඉන්නවා. ඒ නිසා ඉදිරියේදී බලාගන්න පුළුවන් තිස් දෙනෙක් තීන්දු ගන්නකොට මොනවා වෙනවද කියලා. ඒ නිසා හෙළිකොප්ටරේ ට වඩා හොඳ සළකුණ තමයි පිළිහුඩුවා. මොකද පිළිහුඩුවා උඩ යනවා ගොදුරක් දැක්ක ගමන් ආයෙ පල්ලෙහට එනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳ පක්ෂයක්. ඒත් දැන් මේක කොහෙට ඇදගෙන යනවද දන්නේ නෑ. අපිට ඒ ගැන කණගාටුයි. කොයි වෙලාවක හරි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව බිත්තියට තියලා ඇණ ගහනවා.