― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews2048 වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කිරීමට තරුණ, තරුණියන්ගේ උපරිම දායකත්වය...

2048 වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කිරීමට තරුණ, තරුණියන්ගේ උපරිම දායකත්වය ලබා ගන්නවා – ජනපති

සියවන නිදහස් සැමරුම (2048) වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළු තරුණ, තරුණියන්ගේ උපරිම දායකත්වය ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ සංවර්ධන ක්‍රියාදාමයේ දී විශ්වවිද්‍යාල ප්‍රජාවගේ දායකත්වය ඉතා වැදගත් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ 75 වන නිදහස් සැමරුමට සමගාමීව “ජාතික යොවුන් වේදිකාව” ගොඩනැඟීම පිළිබඳ ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

2048 වසර වන විට සමෘද්ධිමත් සහ බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙකු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීම සහ වසර 25ක සංවර්ධන න්‍යාය පත්‍රයට තරුණ ප්‍රජාව වගකිව යුතු හවුල්කරුවන් ලෙස දායක කර ගැනීම ජාතික යොවුන් වේදිකාව නිර්මාණය කිරීමේ අරමුණයි.

සියලුම විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධ කරගනිමින් සියලු දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන නගර සංචාරක නගර ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ද මේ යටතේ ක්‍රියාවට නැංවීමට නියමිත අතර ඊට අදාළ සැලස්ම මෙහිදි ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන යාපනය සහ වවුනියාව විශ්වවිද්‍යාල විසින්ද අනුරාධපුර දිස්ත්‍රික්කයට අදාල සංචාරක සැලසුම් කැලණි විශ්වවිද්‍යාලය සහ රජරට විද්‍යාලය විසින් ද ඉදිරිපත් කරන ලදී.

රුහුණු විශ්වවිද්‍යාලය, සබරගමුව විශ්වවිද්‍යාලය සහ සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒකාබද්ධව ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සැලසුම් කර ඇති අතර කොළඹ විශ්වවිද්‍යාලය , ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලය ඒකාබද්ධව කොළඹ‍‍ දිස්ත්‍රික්කය ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් සැලසුම් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයට අදාළව පේරාදෙණිය, වයඹ සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල ඒකාබද්ධව සකස් කළ සැලැස්ම ද මෙහිදී ඉදිරිපත් කෙරණු අතර මඩකලපුව දිස්ත්‍රික්කය සදහා වන සංචාරක ප්‍රවර්ධන සැලැස්ම නැගෙනහිර සහ අග්නිදිග විශ්වවිද්‍යාලය විසින් සකස් කර තිබිණි.

මෙම සියලු ව්‍යාපෘති පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒවා ක්‍රියාවට නැංවීමේදී පෞද්ගලික අංශයේ ද දායකත්වය ලබා ගැනීමේ හැකියාව පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාල ප්‍රජාව රටේ සංවර්ධන වැඩපිළිවෙළට දායක කර ගැනීම ඉතා හොඳ ප්‍රවණතාවයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජාතික යොවුන් වේදිකාවට සම්බන්ධ මෙම වැඩසටහනට විශ්ව විද්‍යාලය පද්ධතිය දක්වන දායකත්වය පිළිබඳ සිය ප්‍රසාදය පළ කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.