25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුමිත්‍රා පීරිස් මැතිණියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී

සුමිත්‍රා පීරිස් මැතිණියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී

අභාවප්‍රාප්ත කෘතහස්ත සිනමාවේදීනී ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද (21) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කෙරුණා.

පසුගිය බ්‍රහස්පතින්දා අභාවප්‍රාප්ත වූ සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය තැන්පත් කර තිබුණේ කොළඹ 5 ප්‍රදේශයේ පිහිටි එතුමියගේ සොහොයුරියගේ නිවසේයි.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පසුගිය දින කිහිපය තුල කලාකරුවන් මෙන්ම දේශපාලනඥයන් රැසක් එක්ව සිටියා.

අද පැවති ආදාහය උත්සවය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුලු මැති ඇමතිවරුන් රැසක් ද එක්ව සිටියා.

නිවසේ තිබූ දේහය අද පස්වරුවේ විශේෂ රථ පෙරහරකින් ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන ඒමෙන් අනතුරුවයි නිදහස් චතුරස්‍රය දක්වා රැගෙන එනු ලැබුවේ.