30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුලී නිවසක බස් රියදුරෙකුගේ මළ සිරුරක්

කුලී නිවසක බස් රියදුරෙකුගේ මළ සිරුරක්

ගල්කිස්ස තෙලවල පෝච්චිවත්ත ප්‍රදේශයේ නිවසක් තුල සැක කටයුතු ලෙස පුද්ගලයෙකු මියයාම පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ (20) සවස පොලිස් හදිසි ඇමතුම් අංශය මගින් ගල්කිස්ස පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි විමර්ශන ආරම්භ කෙරුණේ.

මියගොස් ඇත්තේ බලංගොඩ වැලිතැන්න ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි බස් රථ රියදුරෙක්.

තවත් අයෙකු සමග ඔහු ගල්කිස්ස ප්‍රදේශයේ කුලියට ගත් නිවසක නතරවී සිට ඇති අතර පෙරේදා (19) රැකියා කටයුතු අවසන් කර කුලී නිවසට පැමිණ තිබූ බව සඳහන්.

පසුව මියගොස් ඇති පුද්ගලයාගේ සහෝදරයාට කිසියම් අයෙකු දුරකතන ඇමතුමක් ලබාදී ප්‍රකාශ කර ඇත්තේ මෙම පුද්ගලයා නිවසේ වැටී සිටින බවට දැනුම්දෙන ලෙසට ඔහු සමග නවාතැන්ගෙන සිටි අනෙක් පුද්ගලයා තමාට දැනුම් දුන් බවයි.

පසුව මියගොස් ඇති පුද්ගලයාගේ සහෝදරයා එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී දැක ඇත්තේ අධික ලෙස රුධිරය වහනය වී ඇති නිරුවත් වූ සොහොයුරාගේ මළ සිරුරයි.

පසුව ඔහු ගිලන් රථයක් මගින් කලුබෝවිල රෝහලට ඇතුලත් කරන විටත් මරණයට පත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මෙය ඝාතනයක් බවට සැක කෙරෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.