― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගෝඨාභයගේ පෞද්ගලික ලේකම්ගෙන් විශේෂ දැනුම්දීමක්

ගෝඨාභයගේ පෞද්ගලික ලේකම්ගෙන් විශේෂ දැනුම්දීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වාහන 19ක් පෞද්ගලික පරිහරණයට යොදා ගෙන ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේ හෝ කිසිදු වාහනයක් අනිසි ලෙස භාවිත නොකල බවයි.

හිටපු ජනාධිපතිවරයා සඳහා වෙන් කල නිල රථය ජාතික උත්සව අවස්ථාවකදී හැර වෙනත් කිසිදු අවස්ථාවක භාවිත කර නොමැති බවයි පෞද්ගලික ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

හිටපු සෑම ජනාධිපතිවරයෙකුගේම ආරක්ෂාව සඳහා ප්‍රතිපාදන සහ ආරක්ෂක අනුඛණ්ඩ වෙනුවෙන් වාහන වෙන් කිරීම සිදු කෙරෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති ආරක්ෂක අනුඛණ්ඩයට ද අවශ්‍යතාවට සරිලන පරිදි වාහන වෙන්කර ඇති බවයි පෞද්ගලික ලේකම් සුධීෂ්වර බණ්ඩාර පැවසුවේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේවනවිටත් භාවිත කරනු ලබන්නේ ඔහුගේ පෞද්ගලික මෝටර් රථය පමණයි.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ ආහාරපානවලට රුපියල් නව ලක්ෂ 50,000ක් රජය විසින් දරන බවට පලවන වාර්තාද අසත්‍ය බවයි පෞද්ගලික ලේකම් සුධීෂ්වර බණ්ඩාර නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.