― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsනානුඔයේදී අනතුරට ලක්වූ බසය මගී ප්‍රවාහන බලපත්‍රයක් නොමැති එකක් - ගැමුණු

නානුඔයේදී අනතුරට ලක්වූ බසය මගී ප්‍රවාහන බලපත්‍රයක් නොමැති එකක් – ගැමුණු

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් අධ්‍යාපන චාරිකාවක රැගෙන ගොස් නැවත පැමිණෙමින් සිටියදී අනතුරට ලක්වූ පෞද්ගලික බස් රථය නිත්‍යානුකූල බලපත්‍ර හිමි මගී ප්‍රවාහන බස් රථයක් නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න කියාසිටියේ අදාළ බස් රථය පෞද්ගලික විනෝද චාරිකා සඳහා පමණක් යොදා ගන්නා බස් රථයක් වන බවයි.

අධ්‍යාපන චාරිකාවක් සඳහා බස් රථයක් තෝරා ගැනීමේදී රක්ෂණ සහතික ඇතුලු ලිපි ලේඛණ පරීක්ෂා කර බලා අදාළ ප්‍රවාහන කටයුතු සඳහා නියමිත පිළිවිතරයන් ඇතුලත් බස් රථයක් තෝරා ගැනීම ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ වගකීමක් වන බවයි අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගැමුණු විජේරත්න මහතා පෙන්වා දුන්නේ.

එමෙන්ම පාසල් ළමුන් මෙලෙස රැගෙන යන්නේ විනෝද චාරිකා ද අධ්‍යාපන චාරිකා ද යන්න සම්බන්ධයෙන් දෙමාපියන් සහ වැඩිහිටියන් දෙවරක් සිතා බැලිය යුතු වන අතර අවදානම් ස්ථානවල විනෝද චාරිකා සහ අධ්‍යාපන චාරිකා සඳහා ළමුන් රැගෙන නොයෑම ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ වගකීමක් බව ද බස් හිමියන්ගේ සභාපතිවරයා සඳහන් කරනවා.

ඔහු කියාසිටියේ අනතුරට ලක්වූ බස් රථය මාර්ග නීති කඩකරමින් අධික වේගයෙන් ධාවනය වී ඇතැයි පැවසෙන අතර මෙම බස් රථය සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මාර්ගයේ ගමන් ගන්නා අනිකුත් බස් රථවල ප්‍රමිතිය මෙන්ම රියදුරන් සහ සේවකයන් පිළිබඳව වැඩිදුර සොයා බැලීම පොලීසිය විසින් සිදුකළ යුතු බව ද ගැමුණු විජේරත්න අවධාරණය කර සිටියා.

අනතුරට ලක්වූ බස් රථය මීට පෙර මාර්ග අංක 280 සහ 315 මාර්ගවල ධාවනය කර ඇති අතර හිමිකරු විදේශගත වීම හේතුවෙන් මගී ප්‍රවාහන සේවයෙන් ඉවත් කර විශේෂ චාරිකා සඳහා පමණක් යොදාගෙන ඇතැයි ඔහු සඳහන් කරනවා.

පාසල් ළමයින් අධ්‍යාපන චාරිකා සඳහා රැගෙන යාමට තම සංගමය විසින් බස් රථ ලබාදෙනු ලැබුවේ යෝග්‍යතා සහතික බලපත්‍ර මෙන්ම රක්ෂණ සහතික ඇතුළු ප්‍රධාන ලියකියවිලි පරීක්ෂා කිරීමෙන් පසුව බවද ඔහු සඳහන් කරා.