― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනානුඔයේ දී අනතුරට පත් බස් රථයේ සිටි පාසල් ළමුන් අද කොළඹට

නානුඔයේ දී අනතුරට පත් බස් රථයේ සිටි පාසල් ළමුන් අද කොළඹට

නානුඔය අනතුරින් තුවාල ලැබූ සිසුන්ට අවශ්‍ය සියලු සහය ලබාදෙන ලෙසත්, බරපතල තත්ත්වයේ පසුවන සිසුන් ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට ගුවන් හමුදාවට අවශ්‍ය සියලු සහය ලබාදෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙි.

නානුඔය – රදැල්ල ප්‍රදේශයේදී ඊයේ (20) පස්වරුවේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක්, වෙනත් වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකට ගැටීමෙන් අනතුර සිදුව තිබුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ වෑන් රථයක ගමන් කරමින් සිටි 06 දෙනෙකු සහ ත්‍රිරෝද රථයක සිටි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරට පත්වන අවස්ථාවේ දී වෑන් රථයේ පුද්ගලයින් 09 දෙනෙකු ගමන්කරමින් සිට ඇති අතර, ඉන් තුවාල ලැබූ තිදෙනෙක් මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

අනතුරට පත් බස් රථයේ සිටි පාසල් ළමුනගෙන් ළමුන් සිව්දෙනෙකුට පමණක් සුළු තුවාල සිදුව ඇති අතර, අනෙක් ළමුන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බවයි අද (21) උදෑසන වනවිට වාර්තා වුණේ.

මේ අතර, බස් රථයේ සිටි ළමුන් සියලු දෙනා අද දිනයේ කොළඹ වෙත රැගෙන ඒමට පියවර ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කර සිටියා.

බස් රථය තුළ තර්ස්ටන් විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ සිසුන් 41දෙනෙක්, ගුරුවරු සහ මව්පියන් ඇතුළු 53 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වුණේ.

අනතුරට පත් වැන් රථයේ සිටි පස්දෙනකු එකම පවුලේ සාමාජිකයින් බව සඳහන්.

ඊයේ (20) පස්වරුවේ මෙම අනතුර සිදු වූ අවස්ථාවේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ප්‍රදේශවාසීන් එක්ව තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.