27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනානුඔය මාරක අනතුරින් කුඩා ළමුන් තිදෙනෙකු දිවි අහිමි වෙයි

නානුඔය මාරක අනතුරින් කුඩා ළමුන් තිදෙනෙකු දිවි අහිමි වෙයි

නානුඔය – රදැල්ල ප්‍රදේශයේ ඊයේ (20) සිදුවූ බිහිසුණු රිය අනතුරෙන් ළමුන් තිදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 13ක පිරිමි ළමයෙක් සහ වයස අවුරුදු 12 සහ 08 යන වයස්වල පසුවූ ගැහැණු ළමුන් දෙදෙනක් බවයි පොලිසිය වැඩිදුරත් වාර්තා කරන්නේ.

මීට අමතරව තවත් සිව්දෙනෙක් මෙම අනතුරුන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන් වයස අවුරුදු 26, 27 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ 43 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස නානුඔය සහ හැටන් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම අනතුරින් මියගිය සංඛ්‍යාව 07ක් බව පොලිසිය සඳහන් කරන අතර, තුවාල ලැබූ 53 දෙනෙකු නුවරඑළිය රෝහලට ඇතුළත්කර ඇති බවයි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.