27.8 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට කුරුළු විශේෂ 81ක් ගැන හෙළිදරව්වක්

මෙරට කුරුළු විශේෂ 81ක් ගැන හෙළිදරව්වක්

මෙරට කුරුළු‍ විශේෂ අතරින් විශේෂ 81ක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බව ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය පවසනවා. 

 හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී එහි අධ්‍යක්ෂ පද්මා අබේකෝන් කියා සිටියේ 2022 වසරේ රතු දත්ත පොතට අදාළව සිදුකළ සමීක්ෂණයක දී මේ බව අනාවරණ වූ බවයි.

ඒ අනුව දැඩි ලෙස තර්ජනයට ලක්වූ පක්ෂීන් විශේෂ 19ක් හා තර්ජනයට ලක්වූ විශේෂ 48ක් හදුනාගෙන තිබෙනවා.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පක්ෂීන්ට වාසභූමි අහිමිවීම නිසා, මෙම කුරුළු විශේෂ වදවීමේ තර්ජනයට ලක්වන බවයි ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකෝන් වැඩිදුරටත් කියා සිටියේ.