― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherරාහුල් ගාන්ධිගේ පාද යාත්‍රාවට බෝම්බ ප්‍රහාරයක්

රාහුල් ගාන්ධිගේ පාද යාත්‍රාවට බෝම්බ ප්‍රහාරයක්

ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ ‘භාරත් ජෝඩෝ’ පාද යාත්‍රව ජම්මු කාශ්මීර ප්‍රාන්තය හරහා යද්දී ඊට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පාද යාත්‍රාවට එක් වවී සිටි කොංග්‍රස් පක්ෂ ක්‍රියාකාරීන් හත් දෙනෙක් ඉන් තුවාල ලැබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මීට මාස කීපයකට පෙර දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවෙන් ආරම්භ වූ පාද යාත්‍රාවට නායකත්වය දෙන්නේ කොංග්‍රස් පක්ෂ නායකයකු වන රාහුල් ගාන්ධිය.

කොංග්‍රස් පක්ෂය ජනතාව අතරට ගෙන යමින් එය ජනප්‍රිය කරලීම පාද යාත්‍රාවේ අරමුණයි.බෝම්බ පිපිරීමත් පක්ෂ ක්‍රියාකාරීන් තුවාල ලැබීමත් සමඟ පාද යාත්‍රාව චද්වාල් නගරය අසලදී නවත්වා දැමීමට සිදුවූ බවත් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.