28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එජාප නාම යෝජනා පත්‍රය අමතක කර පැමිණීම නිසා මෙවර...

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එජාප නාම යෝජනා පත්‍රය අමතක කර පැමිණීම නිසා මෙවර මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමිවෙයි

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නාම යෝජනා භාරදීමට නොහැකි වී ඇතිබව වාර්තා වනවා.

එම ප්‍රාදේශීය සභාව සඳහා භාරදීමට තිබූ නාම යෝජනා පත්‍රය එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර විසින් සහතික කිරීමේ පසු එය, එම පක්ෂයේ වෙන්නප්පුව ආසන සංවිධායක විසින් සිරිකොත පක්ෂ කාර්යාලයේ අමතක කර දමා ඒම ඊට හේතු වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ වෙන්නප්පුව ආසන සංවිධායක සරත් බරම්පොලගේ මෙම අමතකවීමෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට මෙවර මැතිවරණයේ දී තරග කිරීමේ අවස්ථාව අහිමිව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, නියමිත වේලාවට පෙර නාම යෝජනා පත්‍රය භාරදීමට නොහැකි වීම හේතුවෙන්.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (21) දහවල් 12.00න් අවසන් වූ අතර, නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමට පස්වරු 01.30 දක්වා පැය එක හමාරක කාලයක් ලබා දී තිබුණා.