30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනවසීලන්තයේ නව අගමැති දිවුරුම්දීම එළඹෙන බදාදා

නවසීලන්තයේ නව අගමැති දිවුරුම්දීම එළඹෙන බදාදා

නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස ක්‍රිස් හිප්කින්ස් තේරීපත්ව ඇති බව වාර්තා වනවා.

ඒ, සඳහා පාලක කම්කරු පක්ෂයේ ව්‍යවස්ථාදායකයන්ගේ ඒකමතික සහයෝගය හිමි වූ බවයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ.

ඒ අනුව 44 හැවිරිදි වියේ පසුවන හිප්කින්ස් එරට 41 වැනි අගමැතිවරයා ලෙස මෙන්ම කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද පත්වනු ඇති.

ක්‍රිස් හිප්කින්ස් එළෙඹෙන බදාදා ඔහුගේ නව භූමිකාව සඳහා නිල වශයෙන් දිවුරුම් දෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩ්න් තමන් එම තනතුරෙන් ඉවත්වන බව දැනුම්දීමෙන් පසු වත්මන් අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් එරට අගමැති තනතුර සඳහා ඉදිරිපත් වුණා.