32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉන්දියාවෙන් ලංගමට නව බස්රථ 500ක්‌

ඉන්දියාවෙන් ලංගමට නව බස්රථ 500ක්‌

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස්රථ ඇණිය ශක්තිමත් කිරීම සඳහා ආසන 32 බස් රථ 500ක්‌ මෙරටට පිරිනැමීම සනිටුහන් කරමින්, මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා විසින් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත වෙත සංකේතාත්මකව භාරදෙනු ලැබීය.

75 වන නිදහස් සමරුවට සමගාමීව මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහනය වඩාත් ශක්තිමත් කිරීම උදෙසා මෙම බස් රථ දිවයිනේ සියළුම ඩිපෝ හරහා ධාවනයේ යෙදවීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සැලසුමයි.

මෙම අවස්ථාව සඳහා මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා , ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ ලංගම නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.