30 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋසස් පෙළ විභාගය තිබුණත් පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

උසස් පෙළ විභාගය තිබුණත් පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

හෙට (23) දිනයේ සිට දිනකට පැය දෙකයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවන බවයි එම කොමිසම කියාසිටියේ.

කෙසේවෙතත් මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලය දැනුම්දී තිබුනේ උසස් පෙළ විභාග කාලසීමාව තුල විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.

විභාගය පැවැත්වෙන කාලය තුල විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසට විභාග දෙපාර්තමේන්තුව ද මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබුණා.