― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකුරුණෑගල නගරාධිපතිවරයා ධුරයෙන් ඉවත් කරමින් ගැසට් නිවේදනයක්

කුරුණෑගල නගරාධිපතිවරයා ධුරයෙන් ඉවත් කරමින් ගැසට් නිවේදනයක්

කුරුණෑගල මහා නගර සභාවේ නගරාධිපති වන තුෂාර සංජීව විතාරණ සිය ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ සැලකිය යුතු බවට දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඊයේ දිනයේදීයි.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මස 31 දින සිට කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධුරය පුරප්පාඩු වූවා සේ සැලකිය යුතු බවටයි එමගින් නියෝග කර ඇත්තේ.

නගරාධිපතිවරයා විසින් 2023 වසරට අදාළව ඉදිරිපත් කළ අයවැය ලේඛනය සම්පාදනය සහ බලාත්මක කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් පසුගිය දෙසැම්බර් මස 31 වනදා සිට ඔහු ඉල්ලා අස්වූවා සේ සැලකිය යුතු බව ආණ්ඩුකාරවරයා අදාළ ගැසට් නිවේදනය මගින් දන්වා තිබෙනවා.

මේ අතර නගරාධිපති ධුරය පුරප්පාඩුව පවතින බව දන්වමින් ද වයඹ පළාත් ආණ්ඩුකාරවරයා විසින් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් දන්වා ඇත්තේ අදාළ පුරප්පාඩුව පිරවෙන තෙක් නගරාධිපතිවරයාගේ ධුරය පුරප්පාඩු වූ දිනයේ සිට එම තනතුරේ බලතල කටයුතු කාර්යය ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම නියෝජ්‍ය නගරාධිපතිවරයා වෙතට පැවරෙන බවයි.