25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට තහනමක්

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට තහනමක්

පසුගිය 14 වෙනිදා ක්‍රීඩා අමාත්‍යංශය විසින් පැවැත්වූ නිලවරණයෙන් පත් නිලධාරී මණ්ඩලය FIFA විසින් පිලි නොගන්නා තත්වයක් තුල අදාළ තහනම් නියෝගය දැනුම්දී ඇත්තේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම් උපාලි හේවගේ වෙතයි.

මෙම තහනමට මුලිකව හේතුව වී ඇත්තේ, තුන්වන පාර්ශවයේ මැදිහත්වීම ලෙස පසුගිය නිලවරණයේදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් පොරොන්දු වූ පරිදි පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම හා පොරොන්දු මාර්ග සිතියමට එකඟව ක්‍රියා නොකිරීම බවයි වාර්තා වන්නේ.

මෙම තහනමට අනුව, ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයෙකුට හෝ නිලධාරියකුට හෝ පුහුණු කරුවෙකුට හා ජාතික කණ්ඩායමට ජාත්‍යන්තර තරඟ හෝ වෙනත් කිසිවකට සහභාගී වීමට නොහැකිවනු ඇතැයි පැවසෙන්නේ.