26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රධාන පක්ෂවල නාමයෝජනා රැසක් එළියට විසිවෙයි

ප්‍රධාන පක්ෂවල නාමයෝජනා රැසක් එළියට විසිවෙයි

මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය විමසීමට අදාළව ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් ඇතැම් පළාත් පාලන ආයතන වෙනුවෙන් භාර දුන් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ඒ අනුව, දිස්ත්‍රික්ක 15 කින් ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර සංඛ්‍යාව 100 ඉක්මවනවා.

මෙවර මැතිවරණය වෙනුවෙන් හෙලිකොප්ටරය ලකුණින් සන්ධානගත වූ නිදහස් ජනතා සන්ධානය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය සභාවට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රාදේශිය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාවට හා මහියංගණය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රද ප්‍රතික්ෂේප වී ඇතැයි දිස්ත්‍රික් තේරීමිභාර නිලධාරීවරයා ප්‍රකාශ කළා.

තවද ලංකා කම්කරු කොංග්‍රසය හාලි ඇළ ප්‍රාදේශීය සභාව සඳහා ලබාදුන් නාමයෝජනා පත්‍රයද ප්‍රතික්ෂේප වූ බව ඔහු පැවසුවා.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කෙරුණු නාමයෝජනා පත්‍ර 06 ක් ද ප්‍රතික්ෂේප වී ඇති බව, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා සඳහන් කළා.

රිෂාඩ් බදියුදින් මහතාගේ නායකත්වයෙන් යුත් එකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය කන්තලේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයත්, දෙමළ ජාතික සන්ධානය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයන් ප්‍රතික්ෂේප වි තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ 10 ක් හා ස්වාධීන කණ්ඩායම් 03ක් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රද ප්‍රතික්ෂේප වී ඇති අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට හා කලවාන ප්‍රාදේශීය සභා දෙක සඳහා පෙරටුගාමී සමාජවාදි පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රද ප්‍රතික්ෂේප වුණා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ මහ නගර සභාවට දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවට සහ කොළොන්නාව නගර සභාවට ඇප මුදල් තැන්පත් කර තිබූ නමුත් නාමයෝජනා පත්‍ර භාර දී තිබුණේ නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩුවෙල මහ නගර සභාවට ඇප මුදල් තැන්පත් කර තිබූ නමුත් නාම යෝජනා භාර නොදුන් බව කොළඹ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවා.