― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපොලිස්පතිගෙන් මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි

පොලිස්පතිගෙන් මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි

විරෝධතාවක් සංවිධානය කළ බව කියන නීතීඥයින් පිරිසකට එරෙහිව කෙසෙල්වත්ත පොලිසිය ගොනු කළ බී වාර්තාවට අදාළව සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට දැනුම්දී තිබෙනවා.

පසුගිය 8 වනදා නීතීඥවරුන් මෙම විරෝධතාවයේ නිරත වුයේ නීතිපතිවරයා අධිකරණයට කරන ඇඟිලි ගැසීම් හෙළා දකින බවට පවසමින්.

කෙසෙල්වත්ත පොලිසිය විසිනුයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෙම විරෝධතාව සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇත්තේ.

පොලිසිය එමගින් සඳහන් කර තිබුනේ මෙම විරෝධතාව තුළින් මැතිවරණ පනත, මංමාවත් පනත, පොලිස් ආඥා පනත උල්ලංඝනය වූ අතර මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවටයි.

මෙම වාර්තාව සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගෙන කරුණු වාර්තා කරන ලෙස නියෝග කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම පොලිසිය මෙම බී වාර්තාව ගොනු කර ඇත්තේ කුමන පදනමක් මතද යන්න පිළිබඳව තම කොමිසම අවධානය යොමු කර ඇති බවයි.

පොලිස්පතිවරයාගෙන් අදාළ සවිස්තර වාර්තාව ලැබුණු පසු පරීක්ෂණයක් පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනය කළේ.