― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපොහොට්ටුවේ දෙදෙනෙක් සජබට එකතු වෙයි

පොහොට්ටුවේ දෙදෙනෙක් සජබට එකතු වෙයි

තංගල්ල නගර සභාවේ සභාපති ඩබ්ලිවු.පී. ආරියදාස හා නාගරික මන්ත්‍රී අරලිය එරන්දිම සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

එම පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අතින් සමගි ජන බලවේගයේ සමාජිකත්වය ගත් ඔවුන් දෙදෙනා ඉදිරි පළාත් මැතිවරණයේදී තංගල්ල නගර සභාවට සමගි ජනබල වේගයෙන් තරඟ කිරීම සඳහා නාමයෝජනා ද භාරදී තිබෙනවා.

මේ බව දැනුම් දීම සඳහා පාර්ලිමෙන්ත්‍ර මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ කාර්යාලයේ මාධ්‍ය හමුවක් පැවති අතර එයට නගර සභාවේ සභාපතිවරයා හා නාගරික මන්ත්‍රීවරයා ද එක්ව සිටියා.

මාධ්‍ය හමුවේදී දිලප් වෙදආරච්චි මන්ත්‍රීවරයා කියාසිටියේ තංගල්ල නගරසභාවේ සභාපතිවරයා හා අරලිය එරන්දිම මහතා සමගි ජන බලවේගයට එක්වීම තමන් ලැබූ ජයග්‍රහණයක් බවයි.

තංගල්ල නගරය රාජපක්ෂවරුන්ගේ නොවන බවත් එය තමන්ට අයත් නගරයක් බවත් දිලිප් වෙදආරච්චි ප්‍රකාශ කළා.

සමගි ජනබල වේගයට එක් වු නාගරික මන්ත්‍රීවරයා හා සභාපතිවරයා මෙහිදී පැවසුවේ තංගල්ල නගරයේ පුරවැසියන්ට සේවය කිරීමට පොදුජන පෙරමුණේ කණ්ඩායමක් හා ජවිපෙ මන්ත්‍රීවරුන් දෙදෙනා ඉඩ ලබා නොදෙන බවයි.

එම නිසාම වැඩක් කළ හැකි කණ්ඩායමක් සමඟ එකතු වීමට තමන් තීරණය කළ බව ඔවුන් සඳහන් කළා.

තංගල්ල නගර සභාවේ මෙම නියෝජිතයන් දෙදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනවා.