― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsයාපනය ශික්ෂණ රෝහල් ඉතිහාසයේ ප්‍රථම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව අවසන්

යාපනය ශික්ෂණ රෝහල් ඉතිහාසයේ ප්‍රථම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව අවසන්

යාපනය ශික්ෂණ රෝහලේදී පසුගියදා සිදු කළ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සාර්ථකව නිමවූ බව රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය පී.සත්‍යමූර්ති මහතා පවසනවා.

යාපනය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය තම්බිපිල්ලෙයි තවචේන්දන්ගේ ප්‍රධානත්වයෙන් වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලය ද එක්ව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය පී.සත්‍යමූර්ති මහතාගේ අධීක්ෂණයෙනුයි මෙම වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුකරනු ලැබුවේ.

පසුගිය 18 වනදා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය අවුරුදු 17ක් වයසැති දැරියකට සිදු කර ඇති අතර එම වකුගඩුව ඇගේ මව විසින්ම දියණියට ලබාදී තිබුණා.

වකුගඩුව බද්ධ කිරීමේ ශල්‍යකර්මයට ලක්වූ දියණිය මෙන්ම මව ද මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවටයි යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු කියාසිටියේ.

ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ වකුගඩුවක් තවත් අයෙකුට බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් පළමු වතාවට යාපනය ශික්ෂණ රෝහලේ සිදුකිරීම වැදගත් සන්ධිස්ථානයක් බව ද එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය පී.සත්‍යමූර්ති මහතා වැඩිදුරටත් සඳහන් කළා.