26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

උතුරු මැද සහ උතුරු පළාත භාර අනුරාධපුර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මඟින් අද අළුයම අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයට යන මාර්ගයේ දී සිදුකළ විශේෂ වැටලීමකදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය වෙත ලැබුණු තොරතුරකට අනුවයි.

අත්අඩංගුවට ගත් සැකකරුව සිදුකළ පරීක්ෂාවේ දී ඔහු සන්තකයේ තිබූ ගමන්මල්ලේ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබුණ මෙම කේරළ ගංජා තොගය සොයාගෙන තිබෙනවා.

මොහු වයස අවුරුදු 42ක යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් සඳහන්.

සැකකරු යාපනය ප්‍රදේශයේ සිට බස් රථයකින් අනුරාධපුර නගරයට පැමිණ දුම්රියෙන් කොළඹ බලා මෙම ගංජා තොගය ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටින බවයි සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සුරාබදු නිලධාරීන් අනාවරණය කරගෙන තිබෙන්නේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සිදුකරන අතර ඉන් අනතුරුව සැකකරු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.