28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැඩි මිලට බිත්තර වික්කොත් වැඩ වරදී - ගෙවන්න වෙන දඩ මුදල මෙන්න

වැඩි මිලට බිත්තර වික්කොත් වැඩ වරදී – ගෙවන්න වෙන දඩ මුදල මෙන්න

පැනවූ පාලන මිලද නොතකා වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳසැල් රැසක් වටලා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම අද (22) සිදුකෙරුණි.

වැඩි මිලට බිත්තර අලෙවි කරන්න සාමාන්‍ය වෙළෙඳසැල් සඳහා රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ පහ දක්වා වන දඩ මුදල් පැනවෙන අතර සමාගම් ලෙස ලියාපදිංචි අලෙවිසැල් සඳහා රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 50 දක්වා දඩ මුදලකට යටත්වීමට සිදුවනු ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා අවධාරණය කරනවා.

බිත්තර මිල ඉහළයාම පාලනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය නීතිපති උපදෙස් මත පසුගිය 20 වැනිදා නව ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

එම ගැසට් නිවේදනය මගින් සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44 ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් වශයෙන් ප්‍රකාශයට පත්කෙරුණි.

නව ගැසට් නිවේදනයට අනුව බිත්තර අලෙවිය බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් ප්‍රතික්ෂේප කළේය.