― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsඅධ්‍යාපනික චාරිකාවල දුර සීමා කිරීමට පියවර

අධ්‍යාපනික චාරිකාවල දුර සීමා කිරීමට පියවර

අධ්‍යාපන චාරිකා සඳහා සහභාගි වන පාසල් සිසුන්ගේ ආරක්ෂාව සඳහා නව කොන්දේසි හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව ගමනේ දුර උපරිම කිලෝමීටර් සියයකට සීමා කර සවස හය වනවිට පාසල් වෙත පැමිණීමේ කොන්දේසි අධ්‍යාපන චාරිකා සම්බන්ධ චක්‍රලේඛයට ඇතුළත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

එක් දිනකින් ගමන් කිරීමට අපහසු දුර ගමන් අධ්‍යාපන චාරිකා සඳහා යොදා ගැනීම ප්‍රායෝගික නොවන බවත් මින් ඉදිරියට ගමන් සඳහා සුදුසු ස්ථාන පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

සිසුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් දැනට අනුගමනය කරන අනෙකුත් වැඩපිළිවෙළ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවත් පළමු පාසල් වාරය ආරම්භ වන විට සංශෝධිත චක්‍රලේඛය ප්‍රකාශයට පත් කරන බවත් ඇමැතිවරයා කීය.

පසුගිය 20 වැනිදා නානුඔය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරෙන් පසු අමාත්‍යාංශයේ අවධානය මේ සම්බන්ධයෙන් යොමුව තිබෙනවා.

පවතින විධිවිධාන අනුව සංචාරයක් සඳහා කලාප අධ්‍යාපන කාර්යාලයෙන් අවසර ගත යුතුය. සිසුන් ගමන් කරන වාහනයේ යෝග්‍යතාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරේ. එසේම වාහනය රක්ෂණය කළ යුතුය. එසේම ගමන් මාර්ග විස්තරය කලාප අධ්‍යාපන කාර්යාලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතුය.